එක් පිරිසකට ඉන්ධන සැපයීම අත්හිටුවයි..

Sri Lanka Sri Lanka Fuel Crisis
By krishani Jul 03, 2022 01:01 AM GMT
Report

ඉන්ධන අර්බුදය හමුවේ දිවයිනට පැමිණෙන විදේශීය ගුවන් යානාවලට ඉන්ධන සැපයීම ඊයේ(02) සිට නතර කර තිබෙන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා සදහන් කරයි. 

ඒ පවතින ගුවන් යානා ඉන්ධන තොග අවසන් වීමත් සමඟ ය.

මේ නිසා  ඉන්ධන පුරවාගෙන දිවයිනට පැමිණෙන ලෙස මෙරටට ගුවන් ගමන් සිදුකරන ගුවන් සමාගම්වලට දැනුම්දීමක් ද සිදුකර ඇති අතර හදිසි අවස්ථාවකදී භාවිතයට ගැනීම සඳහා ඉතා සුළු ගුවන් යානා ඉන්ධන සංචිතයක් පමණක් පවතින බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join