ඉන්ධන පෝලිම වෙනස් කරමින් ඉන්ධන ලබා ගැනීමට අලුත්ම ක්‍රමයක් එයි...

Sri Lanka Kanchana Wijesekera Financial crisis Sri Lanka Fuel Crisis
By Sithumi Jul 15, 2022 03:07 PM GMT
Report

රටපුරා ඉන් දින පෝලිම් ගණනාවක් දක්නට ලැබෙන අතර මේ සඳහා නිසි විසඳුමක් තවමත් ලැබී නැත.

විශේෂයෙන්ම දින 10ක කාලයක් පුරාවට අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන ලබා දීම ද සිදු විය. එවැනි තත්ත්වයක  ඉන්ධන බෙදා හැරීම කළමනාකරණය සඳහා නව මෘදුකාංගයක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබෙනවා. 

 සෑම පුද්ගලයෙකුටම ඉන්ධන ලබාදීමේ අරමුණින් එම මෘදුකාංගය හඳුන්වාදීමට පියවර ගෙන ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙට දිනයේදී මහජනතාව වෙත දැනුම් දෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න 
Join now