හැමෝටම කොන්ඩම් නොමිලේ - රටපුරාම කොන්ඩම් මධ්‍යස්ථාන.

World Health Organization Sri Lanka Ministry of Health Sri Lanka HIV Symptoms
By Sewvandhi Nov 28, 2023 09:06 AM GMT
Report

තරුණ ප්‍රජාව නැවත වරක් එච්.අයි.වී. ආසාදිතයන් බවට පත්වීමේ වැඩිවීමක් දකින්නට ඇතැයි ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිලානි රත්නායක මහත්මිය කීවාය.

ඒ අනුව 2022 වසරේ හඳුනාගත් එච්.අයි.වී. ආසාදිතයන් 607 දෙනාගෙන් 73 දෙනකු තරුණ ප්‍රජාව බව එම මහත්මිය පැවසුවාය. එම පිරිස අවුරුදු 15ත් 24ත් අතර වයසේ පසුවන්නන් බව ද ඇය කීවාය.

දෙසැම්බර් 01 වැනිදාට යෙදී ඇති ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයේදී ඇය මෙම අනාවරණය කළාය. තවදුරටත් කතා කළ ඇය මෙසේ ද කියා සිටියාය.

2018 ඉඳලා අවුරුදු 15ත් 24ත් අතර තරුණ ප්‍රජාව තුළ එච්.අයි.වී. ආසාදිතයන් සංඛ්‍යාවේ සැලකිය යුතු වැඩිවීමක් දකින්නට ලැබෙනවා. 2022 දී හඳුනාගත් නව එච්.අයි.වී. ආසාදිතයන්ගෙන් 73 දෙනෙක්ම මේ තරුණ ප්‍රජාව. ඒ කියන්නේ සියයට 12ක්.

ඒ අතරින් 66 දෙනෙක්ම පිරිමි පුද්ගලයන්. ඒ නිසා තරුණ පරපුර අතර එච්.අයි.වී. වළක්වා ගැනීම ඉතා වැදගත්. තමන්ගේ ලිංගික සම්බන්ධතාව විශ්වාසවන්ත සහකරුවෙක් හෝ සහකාරියක් සමග පවත්වන්න.

වෙනත් සම්බන්ධතා පවත්වනවා නම් ආරක්‍ෂිත උපක්‍රමයක් හැටියට කොණ්ඩමයක් භාවිත කිරීම වැදගත්. දැනටමත් අපේ දිවයින පුරා සායන 41 ක්ම කොණ්ඩම් නොමිලේ ලබා දෙනවා.

(උපුටාගැනීම - Divaina)