විදෙස් රැකියා ගිවිසුම් අත්සන් කිරීම තව දුරටත් අඛණ්ඩව
Sri Lanka
South Korea
By Sithumi
මෙරට ශ්‍රමිකයන්ට කොරියානු රැකියා ලබාදීමේ වැඩසටහනට සමගාමීව රැකියා ගිවිසුම් අත්සන් කිරීම මේ වනවිට අඛන්ඩව ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
ඒ අනුව කොරියානු රැකියාලාභීන් 200 දෙනෙකුගේ රැකියාවලට අදාළ ඇප බැදුම්කර අත්සන් කිරීම අද සිදුකර ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදීයි.
131 දෙනෙකුගෙන් සමන්විත තවත් කණ්ඩායම් දෙකක් ලබන 26 සහ 27 යන දිනවලදී දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළා.
මේ වසරේදී රැකියා සඳහා ශ්‍රමිකයන් 3564 දෙනෙකු දකුණු කොරියාවට පිටත්ව ගොස් ඇති බවයි එම කාර්යාංශය වැඩිදුරටත් කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |