අද සිට ක්‍රියාත්මක විශේෂ මිල වැඩි කිරිමක් සම්බන්ධයෙන් තැපැල්පතිවරයාගෙන් ප්‍රකාශයක්..

Sri Lanka
By krishani Aug 01, 2022 05:00 AM GMT
Report

වැඩිකළ විදේශීය තැපැල් ගාස්තු අද (01) සිට ක්‍රියාත්මක බව තැපැල්පති රංජිත් ආරියරත්න ප්‍රකාශ කළේ ය.

ඒ අනුව විදේශ ගුවන් තැපැල් ගාස්තු සහ විදේශ මුහුදු තැපැල් ගාස්තු යන දෙවර්ගයම ඉහළ නංවා ඇත.

ඩොලරයේ වටිනාකම, ඉන්ධන මිල ඉහළ යාම, ගුවන් ගාස්තු සහ ලංගම සහ දුම්රිය ගාස්තු ඉහළ නැංවීම හේතුවෙන් වැඩි කළ විදේශීය තැපැල් ගාස්තු පසුගිය ජූලි 19 වනදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබු අතර මෙලෙස විදේශ තැපැල් ගාස්තු සංශෝධනයට ලක්ව ඇත්තේ වසර හතරකට පසුවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join