මිනිස් ජාවාරමක් ගැන මනුෂගෙන් හෙළිදරව්වක්..!(VIDEO)

Manusha Nanayakkara Sri Lanka
By Sewvandhi Aug 17, 2022 12:42 PM GMT
Report

සංචාරක වීසා ලබාගෙන විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් යැවීමේ ජාවාරම වැලැක්වීම සදහා විශේෂ විමර්ශන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ගුවන්තොටුපොල සහ ගුවන්තොටුපොල සේවා සමාගම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කරගනිමින් මෙම විශේෂ විමර්ශන ක්‍රියාවලිය සිදු කරන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW