ආහාර විෂ වීමෙන් පාසල් ළමුන් 27ක් රෝහල් ගත කෙරේ - වැඩි විස්තර මෙතැනින්..
අද (28) දින නුවරඑළිය නානුඔය ග්ලාසෝ ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් 27 දෙනෙකු ආහාර විෂ වීමෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න සඳහන් කරනවා.
අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ළමුන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර ආහාර විෂවීම හේතුවෙන් වමනය හා ක්ලාන්තය තත්ත්වය ඇති වී තිබෙන බවයි.
නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නිශ්ශංක විජේවර්ධන සඳහන් කළේ,ග්ලාසෝ විදුහලේ ප්‍රාථමික අංශයේ ළමුන්ගේ ආහාර විෂ විම සම්බන්ධයෙන් නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කණ්ඩායමක් එම පාසල වෙත යවා ආහාර සාම්පල් කිහිපයක් ලබා ගත් බවයි.
අද දින(28) කොන්ත්‍රාත් පදනම මත එම පාසලට ආහාර ලබාදෙන කොන්ත්‍රාත්කරු විසින් එම පාසලේ ළමුන් 105 දෙනෙකුට බත්, පරිප්පු, සෝයාමිට්, ව්‍යංජනවලට අමතරව අතුරුපස වශයෙන් ගස්ලබු ලබා දි ඇති අතර එම ආහාර අනුභව කිරිමෙන් අනතුරුව ළමුන්ට මෙම රෝග ලක්ෂණ මතු වූ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.
ළමුන්ට ලබාදුන් ආහාර සාම්පල් සහ ආහාර පිසිමට උපයෝගි කරගත් අමුද්‍රව්‍ය සාම්පල් කිහිපයක් ලබාගත් බවත්, එම ආහාර සාම්පල් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට සහ අනුරාධපුර ආහාර තත්ත්ව පාලන රසයනාගාරයට යොමු කිරිමට පියවර ගත් බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |