පවතින අයහපත් කාලගුණ තත්ත්වය මැද ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කරයි - මේ ප්‍රදේශවල සිටින අය අවධානයෙන් සිටින්න..

Sri Lanka Floods In Sri Lanka
By krishani May 14, 2023 08:01 AM GMT
Report

නිල්වලා ගඟේ ජල මට්ටම් ඉහළ යාම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ කොටපොල, පිටබැද්දර,අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ,තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල අදාළවයි.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය බලපෑ හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ හේතුවෙන් පහත් බිම් දෙපස ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join