පොලිස් නිලධාරියෙකුට පහර දී කනත්තකට ගිහින් දැමූ STF 5 අත්අඩංගුවට.
Sri Lanka Police
Sri Lanka
By Wayomi
නවගත්තේගම පොලිසියේ කොස්තාපල්වරයෙකුට පහර දී කනත්තක් අසල දමා ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු, පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක්.
අදාළ සිද්ධියට මොවුන් සොයමින් සිටියදී ඊයේ (28) දහවල් ආණමඩුව පොලිසියට භාර වී ඇති බව සඳහන්.
මෙම පොලිස් කොස්තාපල්වරයා රාජකාරි නිමාකර යතුරුපැදියකින් සිය නිවෙස බලා පසුගිය 02 වැනිදා යමින් සිටිය දී පිරිසක් ත්‍රීරෝද රථයකින් සහ යතුරුපැදියකින් පැමිණ නිවෙස ඉදිරිපිට සිටිනු දැක ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී මෙම පහරදීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
පහරදීමෙන් පසුව කොස්තාපල්වරයා ත්‍රීරෝද රථයක නංවාගෙන රැගෙන ගොස් සුසාන භූමියක් ආසන්නයේ දමාගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.