කණාමැදිරි එළියෙන් පාර හෙව්වට මේ දේවල් දැනගෙන හිටියේ නැහැ නේද?

By Wayomi Oct 24, 2022 10:50 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

කණාමැදිරියන් අල්ලලා බෝතලේට දාලා එළිය ගන්න හදපු අයත් නැතුවාම නෙවෙයිනේ. හැබැයි දැන් ඉස්සර වගේ කණාමැදිරියන්ව දකින්න ලැබෙනවා අඩුයි. මිනිස් ක්‍රියාකාරකම් නිසා වඳ වීමේ තර්ජනයට ලක්ව තිබෙන කණාමැදිරියා ගැනයි මේ කියන්න යන්නේ.

✨ ලෝකය පුරාම කණාමැදිරියන් විශේෂ 2000ක් පමණ ඉන්නවා.

✨ ප්‍රධාන වශයෙන් මෙයාලා බිත්තර,කීටයන්,පිලවා සහ සුහුඹුලා ලෙස තම ජීවන අවධිය රූපාන්තරයන්ට ලක්වෙනවා.

✨ මොවුන් විසින් පසතුල හෝ මතුපිට දමන බිත්තර තුලින් සති තුනකින් හෝ හතරකින් පැටවුන් එලියට එනවා.

✨ සමහර කනාමැදිරි විශේෂ වල බිත්තර ද දිලිසෙන ස්වාභාවයක් ගන්නවා.


මෙයාලගේ ඊලග අවධිය

✨ මෙයාලගේ ඊලග අවධිය තමා කීට අවධිය කීටයා එහෙමත් නැතිනම් අප හොදින් දන්නා රෑ බදුල්ලා.

✨ රෑ බදුල්ලාගේ ස්වාභාවයෙන් කණාමැදිරියන් වසරක් හෝ ඊට වැඩිකාලය ගෙවාදමයි.

✨ සමහර විශේෂ වල ගැහැණු සත්වයා රෑ බදුල්ලකු ලෙසම චක්‍රය ගෙවා දමයි.

✨ මේ කීට අවධිය නැතිනම් රෑ බදුල්ලාගේ අවධියේදී තමා බොහෝ වෙලාවට මොවුන් ආහාර ගනු ලබන්නේ ආහාර ලෙස ගොළුබෙල්ලන්,හංබෙල්ලන් හා පනුවන් යොදාගනී,

✨ ගොදුර මතට විදින ලද ජීර්ණ එන්සයිමයක් මගින් ගොදුර අඩපණ කොට එය ද්‍රවයක් වන්න සලස්වා ආහාරයට ගන්නවා.


පිලා අවධිය

✨ පිලා අවධියේදී පස තුලට වැදී මඩවලින් කුටියක් සාදා ඒ තුල ජීවත්වේ.

✨ සමහර විශේෂ කීටයන් ගසක පොත්තට සම්භන්ධ වී උඩුයටිකුරුව එල්ලී කෝෂයක් සාදාගනී.

✨ පිලා අවධියේ සම්පූර්ණ රූපාන්තරය හමාර කර දින 10ක් හෝ සති කිහිපයකින් සුහුඹුලා නොහොත් කණාමැදිරි එලියට පැමිණේ.

✨ සුහුඹුලා ගේ එකම කාරිය වන්නේ ප්‍රජනන ක්‍රියාවලියයි.බොහෝ කණාමැදිරි විශේෂ කණාමැදිරි අවධියේදී ආහාර නොගනී.ඒ සඳහා ඔවුන් කීට අවධියේදී ගත් ආහාර ශක්තිය ලෙස යොදාගනී.

✨ තම එලියන් විහිදුවා විරුද්ධ ලිංගිකයන් සොයායන මොවුන් තමාගේ එලිය විරුද්ධ ලිංගිකයන්සො යාගැනීමටත්,විලෝපිකයන් බියවැද්දීමටත් තම සංනිවේදනයටත් යොදාගනී.

✨ මේ රෑ බදුල්ලා කණාමැදිරියාගේ ගැහැණු සතා කියලා පිළිගන්න අමාරුයි නේද.ඇත්තටම ඒ කණාමැදිරියාගේ ගැහැණු සත්වයායි.

✨ නමුත් සමහර විශේෂ පියාපත් සහිත සුහුඹුලෙකු ලෙස වෙනස් වේ.

✨ නමුත් ඔබ දකින රෑ බදුල්ලා නම් කනාමැදිරියාගේ එක් ජීවන අවධියකි.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW