ගින්නකින් නිවාස 12ක් සම්පූර්ණයෙන් විනාශ වෙයි..

Sri Lanka Police Fire
By krishani Jan 16, 2023 02:51 AM GMT
Report

ඊයේ (15) රාත්‍රියේ තලවාකැලේ වතුයායේ ඕඩ්ලන්ඩ් කොටසේ වතු නිවාස පේළියක ඇති වූ ගින්නකින් නිවාස 12ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා

මෙම ගින්නෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත.

එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාසවලටද පැතිර ගොස් ඇති අතර, විනාශ වූ නිවාසවල පදිංචි පවුල් 12කට අයත් සාමාජිකයන් 47 දෙනෙකු ඥාති නිවෙස්වල තාවකාලිකව පදිංචි කර ඇත.

බොහෝ පිරිසක් වතු යායේ තිබූ තෛපොංගල් සැමරුමට එක්ව සිට ඇති අතර විදුලි කාන්දුවක් ගින්නට හේතුව බව පොලිසිය සැක පළ කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join