වැසිකිළි පවිත්‍ර කරන්න රුපියල් ලක්ෂ 15ක්..
Sri Lanka Tourism
Sri Lanka
Tourism
By Sithumi
මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් සංචාරකයින් වෙනුවෙන් ආයතන 24 ක පිහිටුවා ඇති වැසිකිළි පවිත්‍ර කිරීමට රුපියල් ලක්ෂ 15ක් මාසිකව වැය කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පවසනවා.
එහිදී ඔහු සඳහන් කළේ, වැසිකිළි දේශීය සංචාරකයින් විසින් නිසි පරිදි භාවිත නොකිරීම හේතුවෙන් නිතර අපිරිසිදු තත්ත්වයට පත්වන ඒවා පිරිසිදු කිරීමට පමණක් අදාළ මුදල වැය වන බවය.
ඔහු පෙන්වාදෙන්නේ. කෙසේවෙතත් විදේශීය සංචාරකයින් හොඳ තත්ත්වයෙන් වැසිකිළි භාවිත කරන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |