රසායනික සහ කාබනික පොහොර ගැන රජය ගත් අලුත්ම තීරණය..!

Mahinda Amaraweera Sri Lanka Ministry of Agriculture
By Sewvandhi Feb 13, 2023 12:32 PM GMT
Report

රජය මගින්, රසායනික සහ කාබනික පොහොර යොදා ගැනීමේ දී ජාතික පොදු පොහොර ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (13) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කළා.

ජාතික පොදු පොහොර ප්‍රතිපත්ති සඳහා ක්‍රියාත්මක කළයුතු යෝජනා 35ක් ජනාධිපති ආහාර සුරක්ෂිතතා කමිටුව විසින් ඉදිරිපත් කර ඇත.

කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝකාලීන වශයෙන් යෝජනා ක්‍රියාත්මක කිරීමටත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමටත් නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now