පොහොර සම්බන්ධයෙන් අද දින සිට ක්‍රියාත්මක කරන විශේෂ වැඩපිළිවෙල..

Sri Lanka Ministry of Agriculture
By krishani Jul 12, 2022 04:03 AM GMT
Report

ඉන්දීය රජයෙන් මෙරටට ලබාදුන් යුරියා පොහොර තොගය බෙදාහැරීම් කටයුතු අද (12) දිනයේ සිට ආරම්භ කරන බවත් බෙදාහැරීම් කටයුතු දින 10ක් තුළ අවසන් කිරීමට නියමිත බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

අදාළ පොහොරවල ප්‍රමිතිය ගැන ඊයේ (11) දිනයේ විශේෂ පරීක්ෂාවක් කළ අතර එම පොහොර නිසි ප්‍රමිතියෙන් යුක්ත බවට තහවුරු කර වෙළෙඳ සහතිකය ද නිකුත් කර ඇත.

කිලෝ ග්‍රෑම් 50ක යූරියා මිටියක් රුපියල් 10,000ක මුදලකට ගොවීන් වෙත ලබාදීමට කටයුතු සැලසුම් කර ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන ලොකු හේවගේ මහතා සදහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join