පොහොර ගන්න නවතම ඇප් එකක්

Sri Lanka Ministry of Agriculture
By Sewvandhi Aug 17, 2022 10:56 AM GMT
Report

2022 / 23 මාස් කන්නයේ බඩඉරිඟු වගා කරන සියලු ගොවීන්ට යුරියා පොහොර ලබා දීම සඳහා ගොවීන් ඔන්ලයින් ක්‍රමයට ලියාපදිංචි කිරීම සඳහා විශේෂ යෙදවුමක් සකස් කර තිබෙනවා.

ඒ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින්. යල කන්නයේ වී වගා කළ ගොවින්ට යුරියා පොහොර ලබා දුන් මිලටම එනම්- කිලෝ ග්‍රෑම් 50ක යුරියා මිටියක් රුපියල් 10,000ක මිලට බඩඉරිඟු ගොවීන්ට ද පොහොර ලබා දීමට කටයුතු යොදා ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව මහ කන්නයේ දී බඩඉරිඟු වගා කරන ගොවීන්ට කිසිදු ප්‍රමාදයකින් හා ගැටළුවකින් තොරව යුරියා පොහොර ලබා දීම මෙහි අරමුණයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now