අතුරුදහන් යැයි කියු තරුණිය ගැඹුරු මුහුදෙන් හමු වෙයි

Kalutara Sri Lanka
By Sithumi Mar 04, 2023 05:24 PM GMT
Report

බේරුවල ඈත මුහුදේදී, දින දෙකකට පෙර අතුරුදන් 25 හැවිරිදි තරුණියගේ මළසිරුර ධීවර බෝට්ටුවකට හමු වී ඇතැයි පොලිසිය කියයි.

මෙසේ හමුව ඇත්තේ බේරුවල, මොල්ලිමලේ , පන්සල පාරේ පදිංචිව සිටී මොහොමඩ් ෆවුමින් ෂහනම් භානු නැමැති තරුණියකගේ මළසිරුරකි.

පෙරේදා (02) ඇය අතුරුදන් බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි බේරුවල පොලිසිය පවසනවා.

මසුන් මැරීම සදහා බේරුවල , මරදාන ධීවර තොටුපොලෙන් අද උදෑසන 6 ට පමණ මුහුදු ගිය ධීවරයින්ට සැතපුම් දෙකක් පමණ ඇත මුහුදේදී හමුවී මළසිරුර රැගෙන විත් ඇත.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now