ටයිටැනික් නැවට ඇත්තටම මොකද වුණේ? දුර්ලභ දෘෂ්ටි මායාවට හසුවුණාද? - (VIDEO)
මෙහි දැක්වෙන ඡායාරූපය දැක්ක ගමන් හිතුවේ මායාවක් කියලා නේද? මේක මැජික් එකක්වත්, photoshop වලින් කරපු නිර්මාණයක්වත් නෙවෙයි. එය ඉතා දුර්ලභ දෘෂ්ටි මායාවක්.
"ෆාටා මෝර්ගානා" ලෙස හැඳින්වෙන මෙම සංසිද්ධිය මුහුදේදී නැවියන් රවටන ව්‍යාජ මිරිඟුවක්. ටයිටැනික් නැවේ ඛේදවාචකයටත් මේ මායාව බලපෑවාදෝ යන්න සමහරුන්ගේ මතයක් පවතිනවා. ඒ, ටයිටැනික් නැවේ නියමුවාට මේ "ෆාටා මෝර්ගානා" මිරිඟුව නිසා ඒ දැවැන්ත හිම කන්ද නොපෙනී ගියාද? යන්නයි.
"ෆාටා මෝර්ගානා" ඇති වන්නේ කොහොමද?
🚢 කාලගුණ විද්‍යාඥයන් ගේ නිගමනය වන්නේ ආලෝක වර්තනය නිසා එය සිදුවෙන බවයි. මෙය superior mirage හෙවත් උත්තර මිරිඟුවක් ලෙස ද හඳුන්වනු ලබනවා.
🚢 ශීතල වාතය උණුසුම් වාතයට වඩා ඝනත්වයෙන් වැඩියි. දුරස්ථ වස්තුවක් ගොඩබිම හෝ වෙරළේ සිටින කෙනෙකුගේ ඇස්වලට යොමුවන්නේ ශීතල වාතයෙන් වර්තනය වන ආලෝකයෙන්.
🚢 එවිට දුරස්ථ වස්තුන් ඒවා පිහිටන ස්ථානය යෙන් ඉහළට එසවුන බවක් පෙනෙන අතර ක්ෂිතිජ රේඛාවෙන් පහළ ඇති වස්තුන්ද දකින්න හැකි වෙනවා.
🚢 මෙම සංසිද්ධිය පෘථිවියේ ධ්‍රැව ප්‍රදේශවල සුලබව දකින්න ලැබෙන දර්ශනයක්.
බි‍්‍රතාන්‍ය ඉතිහාසඥයකු වන ග‍්‍රන්ථ කර්තෘ ටිම් මෝල්ටින් පවසන ආකාරයට "මේ අසාමාන්‍ය දෘෂ්‍ය මායාව නිසා වෙන්න ඇති, ටයිටැනික් නෞකාව අනතුරට පත් වෙද්දී ඒ පේනතෙක් මානයෙන් යාත‍්‍රා කළ කැලිෆෝනියන් නෞකාව, මේ ව්‍යසනය තේරුම් නොගෙන, අනතුරට පත් එහි පිරිස බේරා ගැනීමට ඉදිරිපත් නොවී එතැනින් වෙනත් අතකට යාත‍්‍රා කළේ. ඒ එහි කපිතන් ස්ටැන්ලි ලෝඞ් තමා දකින්නේ කුඩා නැවක් හෝ වෙනත් හැඩයක් ඇති යමක් යැයි සිතා වරදවා තේරුම් ගෙන තිබීම නිසයි... එදා කපිතන් ලෝඞ්ට දෝෂාරෝපණයක් නැඟුණා, අනතුර මඟ හැර ගියාට. ඒත් විද්‍යාත්මකව එදා රාති‍්‍රයේ තත්වය දිහා බැලූවාම මට ඔහු ගැන අනුකම්පාවක් ඇති වෙනවා. ඒ අවස්ථාවේ දුටු මිරිඟුවට රැවටීම ගැන. ඔහු එදා කීවේ තමා දුටු දේ කිසිසේත්ම ටයිටැනික් නැව කියා නොසිතූ බවයි. දැන් මා දන්නවා ඔහු එදා කීවේ සම්පූර්ණ ඇත්ත බව. ඔහු දැක ඇත්තේ ඇත්තෙන් ම "ෆාටා මෝර්ගානා"වක්." |
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |