අධිබලැති විදුලි කණුවකට නැගී පියෙකු මාරාන්තික උපවාසයක - මෙරටින් ඇසෙන හද කම්පා කරවන පුවත
Sri Lanka Police
Sri Lanka
By Sewvandhi
අතුරුදන්ව ඇති තම 15 හැවිරිදි දියණිය සොයාදෙන ලෙස පොලිසියට බල කරමින් ගලේවෙල - කුඩාවැව ප්‍රදේශයේ පුද්ගලයෙකු අධිබලැති විදුලි කණුවක් මත නැගී උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
උපවාසයේ නිරත ඔහු පවසන්නේ තම දියණිය තරුණයෙකු සමඟ පලාගොස් ඇති බවට ගල්කිරියාගම පොලිසියට පැමිණිලි කළද ඔවුන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි.
අදාළ පුද්ගලයා ඊයේ දහවල් කාලයේ සිට අඩි 150 ක උසින් යුත් අධිබලැති විදුලි කණුවට නැග උපවාසයක නිරතවනවා.
කෙසේ වෙතත් ගල්කිරියාගම පොලිසිය ඊයේ පස්වරුවේ පැමිණ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවට දැනුම් දුන්නද දියණිය සොයාදෙන තුරු උපවාසය අත් නොහරින බවයි ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |