ලාංකීය තාත්තයි පුතයි ඕස්ට්‍රේලියාවේදී බිළිවෙයි
ඕස්ට්‍රේලියාවේ කේන්ස්හි ක්‍රිස්ටල් කැස්කේඩ් දිය ඇල්ලේ ගිලී ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු මියගොස් ඇතැයි ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කරනවා.
මෙසේ මියගිය දෙදෙනාගෙන් එක අයෙක් සිසිර ගජනායක නම් 59 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු බවත් අනෙක් පුද්ගලයා 21 හැවිරිදි ගජනායක මහතාගේ පුත්‍රයා බවත් තහවුරු වී තිබෙනවා.
සිසිර ගජනායක මහතා පවුල් හතරකට අයත් 18 දෙනකු සමඟ නිවාඩුවක් ගත කිරීම සඳහා කේන්ස් නගරය ආසන්නයේ ඇති මෙම ප්‍රසිද්ධ ක්‍රිස්ටල් කැස්කේඩ් දිය ඇල්ල නැරඹීමට පැමිණ ඇත.
දිය ඇල්ලේ පිහිනීමට හැකි ස්ථානයකදී ගජනායක මහතා ඇතුළු පිරිස ජලයට බස පිහිනා ඇත.එහිදී ගජනායක මහතා දියේ ගිලී ඇති අතර ඔහු බේරා ගැනීම සඳහා පුත්‍රයා උත්සාහ කර තිබේ.පුත්‍රයාගේ උත්සාහයත් අසාර්ථක වී ඇති අතර ඔවුන් දෙදෙනාම දියේ ගිලී ඇත.
එම අවස්ථාවේ ගජනායක මහතා සමඟ පැමිණි පිරිස එරට වේලාවෙන් සවස 5 ට පමණ හදිසි සේවා දැනුවත් කර ඇති අතර ඔවුන් පැමිණ ගජනායක මහතා සහ පුත්‍රයා ජලයෙන් පිටතට ගෙන ඇත.
පිටතට ගන්නා විට ඔවුන් සිහිසුන්ව සිට ඇති අතර හදිසි ප්‍රතිකාර ලබා දුන්නත් ඔවුන්ගේ සිහිය නැවත ලබා ගැනීමට හදිසි ප්‍රතිකාර සේවා අපොහොසත් වී තිබේ.
ටික වේලාවකට පසුව ඔවුන් මියගොස් ඇතැයි හදිසි ප්‍රතිකාර සේවය ප්‍රකාශ කර ඇත. සිසිර ගජනායක මහතා මෙල්බර්න් නගරයේ පිහිටි වෙන්චුරා බස් සමාගමේ රියදුරකු ලෙස වසර 8 ක කාලයක් සේවය කර තිබේ.
ඔහු අවංක තම සමාගමට ලෙන්ගතුව සේවය කළ සේවකයෙක් යැයි එම සමාගම මරණය පිළිබඳ ශෝකය ප්‍රකාශ කරමින් පවසා ඇත. (උපුටාගැනීම - NC)
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |