ගොවීන් කළ අනතුරු ඇඟවීම..
Sri Lanka
By krishani
ගොයම් ගස් කහපැහැ වීමේ රෝගය නිසා මෙවර මහ කන්නයේ වී අස්වැන්න 50%කින් පමණ අඩුවිය හැකි බව ගොවීන් අනතුරු අඟවයි.
ගොයම් ගස් කහ පැහැ වන නෙමටෝඩා හෙවත් මූල ගැටිති වටපණු රෝගය ඇතුළු තත්ත්වය මසක පමණ කාලයක සිට බොහෝ ප්‍රදේශවලින් වාර්තා වූ අතර මින් දැනටමත් වී වගාවේ සැලකිය යුතු ප්‍රමාණයකට හානි සිදු වී ඇත.
බලධාරීන් ඊට නිසි විසඳුම් ලබාදීමට අපොහොසත් වී ඇත.හානි වූ අක්කරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ලබාදිය යුතු බවට ගොවි සංගම් පවසයි.
වී වගාවට අවශ්‍ය පෝෂක නිසි පරිදි නොලැබීම හේතුවෙන් මෙම කහ පැහැ ගැන්වීමේ රෝගය මතුව ඇති බව ක්ෂේත්‍ර පරීක්ෂාවේ දී අනාවරණ වූ බව බතලේගොඩ වී පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජයන්ත සේනානායක මහතා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |