ව්‍යාජ දළඳා මාළිගයේ පත්තිරිප්පුව ඉවත් කරයි..

Sri Lanka Police Sri Lanka
By krishani Jan 08, 2023 05:54 AM GMT
Report

කුරුණෑගල - පොතුහැර ඉදිකර ඇති බව පැවසෙන ව්‍යාජ දළඳා මාළිගයේ පත්තිරිප්පු කොටස ඉවත් කිරීම අද (08) පෙරවරුවේ ආරම්භ කර ඇත.

එහි භාරකරුවන් විසින් අද උදෑසන එම ඉවත් කිරීම් ආරම්භ කර ඇති අතර මෙම ව්‍යාජ දළඳා මාළිගය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇත.

ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස අස්ගිරි මල්වතු මහානායක හිමිවරුන් ඇතුළු පාර්ශ්ව රැසක්ම රජයෙන් ඉල්ලීම් සිදුකර තිබු අතර ඊයේ අදාළ ස්ථානය නිරීක්ෂණයට ගිය හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ව්‍යාජ දළඳා මාළිගයේ පත්තිරිප්පු කොටස ඉවත් කරන ලෙස එහි නිර්මාතෘ ජානක සේනාධිපති නැමැත්තාට උපදෙස් ලබා දී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විමර්ශනයක් ආරම්භ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join