ඔබේ දුරකථනයටත් මෙවැනි කෙටි පණිවිඩ ලැබුණද..? එසේ නම් වහාම සැලකිලිමත් වන්න.. , පරිගණක හදිසි ප්‍රතිචාර අංශයෙන් විශේෂ අනතුරු ඇඟවීමක්..!

Sri Lanka Sri Lanka Social Media Sri Lanka Fuel Crisis
By Sewvandhi Jul 11, 2022 11:07 AM GMT
Report

ඉන්ධන ලබා ගැනීම හෝ ඒ සඳහා ලියාපදිංචි වීමට යැයි සඳහන් කරමින් ජංගම දුරකතනයක වෙත ලැබෙන කෙටි පණිවිඩ හෝ ව්‍යාජ යෙදුම් පිළිබඳව අවධානයෙන් පසු වන්නැයි ශ්‍රී ලංකා පරිගනක හදිසි ප්‍රතිචාර අංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඒ බව කියා සිටින ශ්‍රී ලංකා පරිගනක හදිසි ප්‍රතිචාර අංශය සඳහන් කරන්නේ ජංගම දුරකථන සඳහා ලැබෙන විවිධ යොමු මගින් පුද්ගලික දත්ත එක් රැස් කරවාගෙන ඒ ඇසුරෙන් විවිධ අපරාධවලට යොමු වීමට සංවිධානාත්මක අපරාධකරුවන් විසින් කටයුතු කරන බවයි.

එබැවින් එවැනි තත්ත්වයන්ට ජනතාවට හසු නොවන ලෙස ශ්‍රී ලංකා පරිගනක හදිසි ප්‍රතිචාර අංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

( ශ්‍රී ලංකා පරිගනක හදිසි ප්‍රතිචාර අංශය මගින් නිකුත් කළ නිවේදනය පහතින්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery