මුහුණු පොතේ කුඩා දැරියන්ගේ ඡායාරූප ලිංගික කටයුතුවලට යොදාගත් අයව සොයා මෙහෙයුම්.

CID - Sri Lanka Police Sri Lanka
By Wayomi May 04, 2023 05:40 AM GMT
Report

 කුඩා දැරියන්ගේ ඡායාරූප යොදා ගනිමින් ඔවුන් සම්බන්ධව ලිංගික හැඟීම් උද්දීපනය වන ආකාරයේ පෝස්ට් පල කරනු ලබන ෆේස් බුක් පිටුවක් සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශය සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වහාම පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ, අරුණ පුවත්පත විසින් සිදු කළ දැනුම් දීමකින් පසුවයි.

මෙම ෆේස්බුක් පිටුවෙහි පෙර පාසල් සහ පාසල් යන වයස්වල කුඩා ගැහැනු ළමුන්ගේ ජායාරූප පලකරමින් ඔවුන් සම්බන්ධව නොයෙකුත් පුද්ගලයන්ගෙන් අදහස් ලබා ගැනීමට අදාළ ෆේස්බුක් පිටුව පවත්වාගෙන යන පිරිස කටයුතු කරමින් සිටින බවයි අවධාරණය කර ඇත්තේ.

මෙහි කුඩා ගැහැනු දරුවන්ගේ ජායාරූප වෙනත් දෙමාපියන්ගේ මුහුණුපොත්වලින් ලබාගෙන ඇති අතර එම පිටුවෙහි සාමාජිකත්වය ලබා ඇති පුද්ගලයන්ගේ අදහස් විමසා අදාළ පිටුව නිරතුරුව යාවත්කාලීන කරමින් පවත්වාගෙන යනු ලබයි.

මේ වන විට අදාළ ෆේස්බුක් පිටුව පුද්ගලයන් හාරදහස් හයසියයක පමණ පිරිසක් සාමාජිකත්වය (ෆලෝවර්ස්) ලබාගෙන ද තිබෙනවා.

මේ අතර අදාළ ෆේස්බුක් පිටුව මීට මාස දෙකකට පමණ ඉහතදී නිර්මාණය කර ඇති බව තහවුරු වී ඇත.

ඒ, සම්බන්ධව ජාතික ළමාරක්ෂණ අධිකාරිය ද තොරතුරු ලබාගනිමින් සිටින බවත් එම තොරතුරුවලට අනුව ඉදිරියේදී අදාළ පියවර ගනු ලබන බව ළමාරක්ෂණ අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර සඳහන් කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW