එක්ස්ප්‍රස් පර්ල් ගැන අලුත්ම තීරණයක්..!
                                    
                    Dr Wijeyadasa Rajapakshe
                
                                                
                    Singapore
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    හෙට (24) සිංගප්පූරුවේ දී කොළඹ වරායට ඇතුළු වීමේ දී ගිනිගැනීමට ලක් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවු පරිසර දූෂණයට වන්දි ඉල්ලා නඩුවක් ගොනුකිරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
එනම්, සිංගප්පූරු නැව් සමාගමකට අයත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව 2021 වසරේ මැයි 20 වනදා කොළඹ වරාය ආසන්නයේදී ගිනිගැනීමකට ලක්වුණි.
පසුව නෞකාව මෙරට මුහුදු සීමාව තුළ ගිලීයාමට ලක් වූ අතර ඉන් මෙරට පරිසර පද්ධතියට විශාල හානියක් සිදුව තිබුණා.
නෞකාව ගිලියාමෙන් පසුව සිදුවූ පරිසර දූෂණයට වන්දි ඉල්ලා එම නෞකාවට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව හෙට (24) සිංගප්පූරු වාණිජ අධිකරණය හමුවේ නඩුවක් ගොනුකිරීමට නියමිතව තිබේ.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සදහන් කළේ ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් අවසන් කර ඇති බවය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  |