එක්ප්‍රස් පර්ල් සම්බන්දයෙන් විශේෂ තීන්දුවක්..

By Sithumi Nov 25, 2022 03:55 PM GMT
Report

කොළඹ වරාය ආසන්න මුහුදු තීරයේ දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම නෞකාවේ කපිතාන්වරයා ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද (25) අධිචෝදනා පත්‍ර භාරදී තිබෙනවා. 

 එසේම විත්තිකරුවන් සෑම මසකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවට ද නියෝගවල සඳහන් වෙයි. 

 එක් එක් විත්තිකරුවන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත්තේ විදෙස් ගමන් තහනම් කරන ලෙස සහ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදෙන ලෙසයි.