75 වන නිදහස් සැමරුමේ එළියට ආ වියදම් ලැයිස්තුව ගැන අනාවරණයක්. (VIDEO/PHOTOS)

Independence Day Sri Lanka Economic Crisis Sri Lanka Government Of Sri Lanka
By Wayomi Feb 07, 2023 12:06 PM GMT
Report

75 වන නිදහස් දින සැමරුම් නිල රජ්‍ය උත්සවයේ වියදම සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්වුණා.

මේ සම්බන්ධයෙන් නිදහස් මාධ්‍යවේදියෙක් විසින් youtube චැනලයක් මඟින් සහ වෙනත් සමාජ මාධ්‍යයන් ඔස්සේ නිදහස් උත්සවයේ අදාළ වියහියදම් පිළිබඳ අනාවරණයක් සිදු කළා.

එලෙස නිදහස් දින සැමරුම් නිල රජ්‍ය උත්සවයේ වියදම් ඇස්තමේන්තුව ලබාගෙන ඇත්තේ, තොරතුරු දැනගැනීමේ පනත යටතේ අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙතින් ඉල්ලන ලද තොරතුරු වලට ලද පිළිතුරු ලිපියෙන්.

කෙසේ වෙතත් 75 වන නිදහස් දින සැමරුම් නිල රජ්‍ය උත්සවයේ වියදම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින සාවද්‍ය පුවත් සහ තොරතුරු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය වෙනුවෙන් ද ප්‍රතිපාදන වෙන් කිරීම සාමාන්‍ය තත්ත්වයක් වන අතර මෙවර පැවති 75 වන ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය සඳහා වැය කරනු ලැබුවේ ඇස්තමේන්තුගත මුදලට වඩා ඉතාම අඩු මුදලක් බවත් අවධාරණය කරන ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, මෙවර පැවැත්වූ 75 වන ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය සඳහා රජය වැය කළ මුළු මුදල රුපියල් 11,130,011 ශත 29ක් බවයි.

ඒ, එම ඇස්තමේන්තුව මෙන්න,  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW


GalleryGallery