මෙතෙක් තිබූ සියලුම වේග වාර්තා බිඳ හෙලමින් 2022 ආ සුපිරි පරිගණකය.
සුපිරි පරිගණක කියන්නේ පෘතුවියේ ඇති ප්රබලතම යන්ත්‍රෝපකරණ කාණ්ඩයයි. අති විශාල දත්ත සැකසීමේ හා ගණනය කිරීමේ හැකියාවක් ඇති සුපිරි පරිගණකවල දත්ත සකසන (processor) දහස් ගණනක්, ප්‍රධාන මතකය (RAM) සහ දෘඪ තැටි (HDD) ධාරිතාවය පෙටාබයිට්/එක්සාබයිට් පරිමාණයක තරම් විශාල අගයක් සහ මෙම උපකරණ එකිනෙක සම්බන්ධ කරන අධිවේගී දත්ත හුවමාරුවක්ද පවතිනවා.
1960 ගණන් වල සුපිරි පරිගණක හදුන්වාදීමෙන් පසු ඒවායේ විකාශනය වේගයෙන් සිදුවූ අතර වර්තමානයේ ගණිතකර්ම, භූවිද්‍යා සමීක්ෂණ, මහාපරිමාණ ජාලා කළමණාකරණය, රාජ්‍යතාන්ත්‍රික හා යුධමය කටයුතු ඇතුළු නානා විධ කර්තව්‍යයන් රාශියක් සදහා සුපිරි පරිගණක දහස් ගණනක් යොදාගන්නවා. තාක්ෂණය අලුත් වෙමින් පවතින ලෝකයේ සුපිරි පරිගණක තාක්ෂණයත් වෙනස් වෙමින් පවතිනවා. ඉතින් මේ කියන්න යන්නෙත්, ඒ විදිහට ලෝකයට පෙර තිබූ සුපිරි පරිගණක අභිබවා අලුතින්ම හඳුන්වාදුන් සුපිරිම පරිගණකයක් ගැනයි.තත්පරයකට බිලියනයක මෙහෙයුම් සිදු කළ හැකි ලොව ප්‍රථම Exascale පරිගණකය ඇමරිකා එක්සත් ජනපදයේ ඕක් රිජ් ජාතික රසායනාගාරය( Oak Ridge National Laboratory) මගින් නිපදවා තිබෙනවා.
💻 “Exascale Computes" යනු තත්පරයකට බිලියනයක ගණනක, දත්ත ගණනය කිරීම් කළ හැකි අධි බලැති සුපිරි පරිගණක පද්ධති වන අතර, එයට වර්තමානයේ භාවිතා වන සුපිරි පරිගණක වලට වඩා 50 ගුණයක තරම් දත්ත ප්‍රමාණයක් ගණනය කිරීමේ හැකියාව පවතිනවා.
💻 Exascale සුපිරි පරිගණක ඛාණ්ඩය තුළත් ප්‍රථමයා බවට පත් වෙමින්, තත්පරයකට “Quintillion” එකකට වඩා වැඩි දත්ත ප්‍රමාණයක් ගණනය කිරීම් සිදුකළ හැකි, මෙගා වොට් 21 විදුලි බල ධාරිතාවකින් ක්‍රියාත්මක වන මෙම ෆ්‍රොන්ටියර් සුපිරි පරිගණකය AI-ප්රශස්ත HP සහ AMD EPYC 64C 2GHz ප්‍රොසෙසර මගින් බල ගැන්වෙන අතර, ඒ අණුව මෙම සුපිරි පරිගණකය EPYC CPU 9400ක් සහ Instinct GPU 37,000 කින් සමන්විතයි.
💻 සාමාන්‍ය ඩෙක්ස්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයක් තුළ “Core” 5 ත් 9 අතර ප්‍රමාණයක් පවතින නමුත්, මෙම සුපිරි පරිගණකයට “Core” 8,730,112 ක් තිබෙනවා.
💻 ඒ අනුව මෙම සුපිරි පරිගණකයේ උපරිම ක්‍රියාකාරීත්වයේදී නිපදවන තාපය කොතරම් ද කියනවා නම් පද්ධතිය සිසිල් කිරීම සඳහා සෑම විනාඩියකට වරක් ජලය ලීටර් 25,000කට වඩා ලබා දිය හැකි අධි බලැති ජල පොම්ප 4 ක් අවශ්‍ය වෙනවා.
💻 ෆ්‍රොන්ටියර් (Frontier) නම්, සුපිරි පරිගණකය ලොව මෙතෙක් පැවති සුපිරි පරිගණක අතුරින් තත්පරයට කළ හැකි දත්ත ගණනය කිරීමේ වේගය අභිබවා යමින් ලොව පුරා පරිගණක ශ්‍රේණිගත කරන Top500 දත්ත වාර්තාවට අණුව “Exaflops” 1.102 දක්වා වේගයක් ලබා ගනිමින් “Exascale Computers” ඛාණ්ඩයට ඇතුළු වී තිබෙනවා. ඒ අනුව එය සමස්ත ලැයිස්තුවේ පරිගණක බලයෙන් හතරෙන් එකක් නියෝජනය කරන බවයි වාර්තා වන්නේ.
💻 මෙම සුපිරි පරිගණකය තව දුරටත් වැඩි දියුණු කරමින් පවතින අතර, ඉදිරි මාස කිහිපයේදී සහ ඉදිරි වසර තුළදී එය තව තවත් වැඩි දියුණු වනු ඇති.
💻 එය මූලික වශයෙන් තාක්ෂණ, පර්යේෂණ සහ විද්‍යාවේ නව සොයා ගැනීම් වෙනුවෙන් භාවිතා කිරීමට නියමිතව බව වැඩිදුරටත් සඳහන්.
💻 එමෙන්ම මීට පෙර ලොව පැවති බලවත්ම සහ වේගවත්ම සුපිරි පරිගණකයට හිමිකම් කිවුවේ ජපානයේ RIKEN පරිගණක විද්‍යා මධ්‍යස්ථානයේ පවතින “Fugaku” නම් සුපිරි පරිගණකයයි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |