ලංකා මිනරල් සෑන්ඩ්ස් හිටපු සභාපති උදේනි ජයරත්න අල්ලස් කොමිසමෙන් අල්ලයි

Bribery Commission Sri Lanka Latest Headlines Sinhala news Puwath.lk Arrest
By R.rishma Sep 25, 2026 10:09 AM GMT
Report

'ලංකා මිනරල් සැන්ඩ්ස් ලිමිටඩ්’ සමාගමේ හිටපු සභාපති උදේනි ජයරත්න දසනායක මහතා අනියම් සේවකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳ චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සින් අද (25) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් කොමිසම සඳහන් කළේ, 2023 සහ 2024 වසරවලදී අනියම් සේවකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අදාළව දසනායක මහතා අද පෙරවරු 9.25ට පමණ අත්අඩංගුවට ගත් බවයි.

අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා සේවකයින් බඳවා ගැනීම සහ නියමිත බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටියෙන් බැහැරව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.

අල්ලස් කොමිසමට අනුව, එලෙස බඳවාගත් අනියම් සේවකයින් සඳහා රුපියල් 34,438,650.42ක මුදලක් වැටුප් ලෙස ගෙවා ඇති අතර, එමගින් අදාළ පුද්ගලයින්ට අයුතු වාසියක් ලබා දී ඇති බවටද චෝදනා කර තිබේ.

අනියම් සේවකයින් බඳවා ගැනීම සහ ඉන් අනතුරුව සිදුකර ඇති වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් දූෂණ වරදක් සිදුකිරීමේ චෝදනා මත හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් උදේනි ජයරත්න දසනායක මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

Gallery