අධික උණුසුමෙන් එප්පාවල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු මරුට

Sri Lanka
By Sithumi Apr 27, 2023 04:50 PM GMT
Report

පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ දින කිහිපයත් තුළ එප්පාවල ප්‍රදේශයෙන් පුද්ගල මරණ තුනක් වාර්තා වී තිබෙනවා.

ඒ හේතුවෙන් පාසල්වල මේ දිනවල පැවැත්වෙන නිවාසාන්තර ක්‍රීඩා උත්සව කල් දමන ලෙසයි වෛද්‍ය සංගම් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ

එම ප්‍රදේශයේ මරණ පරීක්ෂක නිලධාරීයා විසින් අදාළ මරණ උෂ්ණාධික කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් සිදුව ඇති බවටයි තහවුරු කර ඇත්තේ.

එමෙන්ම අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ අවදානම් සහගත පිරිස් මෙන්ම ජනතාව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව නිරන්තරයෙන් වෛද්‍යරුන් විසින් දැනුවත් කිරීම් ද සිදු කරනු ලබනවා.