ෆිට් එක හැදෙන්නේ කොහොමද? ඊට ප්‍රතිකාර තියෙනවද?
යම් ගමනක් බිමනක් යන වෙලාවට, එහෙමත් නැත්නම් සෙල්ලම් කර කර ඉන්න වෙලාවක කවුරුහරි එකපාරට බිම වැටිලා ගැහි ගැහි ඉන්නවා දැක්කොත් සමහරු බයවෙලා පැත්තකට වෙනවා. ඇත්තටම ඒක බයවෙලා පැත්තකට වෙන්න දෙයක් නෙවෙයි එම පුද්ගලයට උදව් අවශ්‍යම වෙලාවක්. එහෙම වෙන්නේ ෆිට් එක හැදුනම කියලා ගොඩක් අය දන්නවා. නමුත් ඒකට කළ හැක්කේ කුමක් ද කියලා කවුරුත් දන්නේ නැහැ. අපස්මාරය (Epilepsy), වලිප්පුව (Seizure) , මී මැස්මොරය (Memesmoraya) කියලා හඳුන්වන්නේත් මේ ෆිට් එකටම තමයි.
මොකක්ද මේ අපස්මාරය කියන්නේ?
🟣 ශ්‍රි ලංකාවේ ජනගහනයෙන් ප්‍රතිශතයක් විදියට 0.3%ක ප්‍රතිශතයක් අපස්මාර රෝගීන් සිටින බව හඳුනාගෙන තියෙනවා. ඒ කියන්නේ දැනට ශ්‍රි ලංකාව තුල මෙම රෝගීන් 60,000ක් පමණ ජීවත් වනවා.
🟣 අපස්මාරය කියන්නේ අපේ ශරීරයේ පවතින මානසික, කායික හෝ රසායනික වෙනසක් නිසා මොළයේ ඇතිවන අසාමන්‍යය විද්‍යුත් ක්රියාකාරීත්වයක්.
🟣 ඒත් එක්කම එම අසාමාන්‍යය ක්‍රියාකාරීතය නිස සමහර විට වලිප්පු තත්ත්වයක් ඇති විය හැකියි.
🟣 ඒ කියන්නේ ශරීරයේ කොටසක ඇති වන අසාමාන්‍ය පේෂි ක්රියාකාරීතවයක්. මෙවැනි රෝගීන් එක පාරට බිම වැටිලා ඇස් උඩ ගිහිල්ලා, අත පය ගැහිගෙන යනවා.
🟣 හැබැයි අපස්මාරය කියන අවස්ථාවෙදි අසාමාන්‍යය මාංශපේෂි ක්රියාකාරීත්වයක් ඇති වෙන්නත් පුළුවන් , නැති වෙන්නත් පුළුවන්. වෛද්‍යයවරයෙකුට ඇරෙන්න වෙනත් කෙනෙක්ට මේ කියන ලක්ෂණ හඳුනාගන්න බැරි වෙන්නත් පුළුවනි.
🟣 ඕනෑම තැනකදී ෆිට් එක තියෙන කෙනෙක්ට එය හැදෙන්න් පුළුවන්. එවැනි අවස්ථාවකදී අදාළ පුද්ගලයාව රෝහලකට හෝ වෛද්‍යවරයෙකු හමුවට රැගෙන යන්න වග බලාගන්න.
අපස්මාරය ඇති වීමට බලපාන හේතු
🩺 ජානමය තත්ත්ව (Genetic causes)
🩺 ස්නායුවල උපතින්ම ඇතිවන අඩු වර්ධනය (Congenital abnormalities of CNS)
🩺 උණ (Fever)
🩺 මොලය ආශ්රිත ආසාදන (Meningitis)
🩺 හිසට ඇතිවන පහරදීම් (Head trauma)
🩺 හිසේ ඇතිවන රෝග තත්ත්ව (Dysfunction of brain)
🩺 සමහර ඖෂධ (Some medications)
🩺 මත්පැන් (Alcohol)
🩺 මානසික තත්ත්ව (Mental illness) අපස්මාරය සඳහා ප්‍රතිකාර මෙහිදී ගොඩ වෙලාවට ඖෂධ ප්‍රතිකාර මෙන්ම ජීවන රටාවේ වෙනස්කම් කරන්න සිදු වෙනවා.
🩺 නිසි නින්දක් ලැබීම
🩺 අධික වෙහෙසකර, ඒ වගේම මානසික සහනයක් දෙන රැකියා තෝරා ගැනීම
🩺 මත්පැන් භාවිතය සීමා කිරීම
🩺 මත්ද්‍රව්‍යය භාවිතය නැවතීම ඖෂධ ප්‍රතිකාර
🩺 අපසමාරය සඳහා සිදුකරන ඖෂධ ප්‍රතිකාර නිසි සුදුසුකම් සහිත ස්නායු වෛද්‍යයවරයෙක් හෝ කායික වෛද්‍යයවරයෙක් විසින් සිදු කළ යුතුයි.
🩺 ඇතැම් විට එක ප්‍රතිකාරයක් වෙනුවට ප්‍රතිකාර කිහිපයක් භාවිතා කරන්න වෙන අවස්ථා තියෙනවා. ඒ එක්කම තමන් භාවිතා කරන ඖෂධගැනත් අවබෝධයක් ඔබට තිබිය යුතුයි.
ෆිට් එක හැදීගෙන එද්දී දැනෙන රෝග ලක්ෂණ
🟣 පාලනය කළ නොහැකි ගැස්ම සහ සෙලවීම,
🟣 සිහිය නැති වී හිස්ව අවකාශය දෙස බලා සිටීම
🟣 සිරුරදැඩි වෙනවා.
🟣 උදරයේ "නැඟී එන" හැඟීම, අසාමාන්‍ය සුවඳ හෝ රස, සහ ඔබේ අත් හෝ පාදවල හිරි වැටීම වැනි අමුතු සංවේදනයන් මතු වීම.
ප්‍රතිකාර
💊 Sodium valproate
💊 Phenytoin
💊Carbamezepine
💊Lamotrigine
💊 Topiramate
🩺 මේවා වෛද්‍යය නිර්දේශ මත පමණක් ලබාගතයුතු වගේම නිකුත් කලයුතු ඖෂධ කියලා මතක තබා ගන්න. කිසිම වෙලාවක වෛද්‍ය අනුමැතියක් නොමැතිව මෙම ඖෂධ අපස්මාර රෝගියෙකුට ලබාදෙන්න යන්න එපා.
අපස්මාරය ගැන මිත්‍යා මත
🟣 අමනුෂ්‍යය බලපැමක් බව. (එය අසත්‍යයක්.)
🟣 කුඩා දරුවන්ට ඇතිවන උණ ෆිට් එක සහ අපස්මාරය බව. (එය අසත්‍යක්.)
🟣 වලිප්පුව තියෙන අයට පාඩම් කිරිම හොඳ නැහැ.(ඒක අසත්‍යයක්.)
🟣 වලිප්පුව ක්‍රිඩා නොකිරීමට හේතුවක්ද? ( එය අසත්‍යයක්)
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |