ගාල්ල දිස්ත්‍රික්කයේ වසංගත අවදානමක්.

Galle Sri Lanka
By Wayomi Apr 29, 2023 05:12 AM GMT
Report

ගාල්ල දිස්ත්‍රික්කයේ මී උණ පැතිරයාමේ දැඩි අවදානමක් මතුව ඇති බවයි වාර්තා වන්නේ.

ජනවාරි සිට අප්‍රේල් 26 දක්වා ගතවු මාස හතරකට ආසන්න කාලය තුල පමණක් මී උණ මරණ 19ක් සිදුවී තිබෙනවා.

පසුගිය දා (27) පැවති ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්විමට සහභාගී වූ ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ එරන්ද හෙට්ටි ආරච්චි විසින් සිදු කළ ප්‍රකාශයකදී මේ බව අනාවරණය කළා.

ඒ අනුව මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුල පමණක් මී උණ රෝගින් 224 වාර්තා වී ඇති අතර එම කාලය තුළ සිදුව ඇති මී උණ මරණ සංඛ්‍යාව 19ක්.

මෙම මරණ අතර අවුරුදු 13ක පාසල් සිසුවියක්ද සිටින බවයි වාර්තා වන්නේ.

ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ, මේ වනවිට දිස්ත්‍රික්කයේ වැඩිම රෝගින් වාර්තා වන්නේ කරන්දෙණිය, බද්දේගම, ඉමදුව, බලපිටිය, උඩුගම, යක්කලමුල්ල, හබරාදුව යන යකොට්ඨාසවල බවයි.

එක් මීයෙකුගෙන් වසරකට පැටව් දෙදහසක් පමණ බෝවන බවට අනාවරණය වී ඇති අතර ලංකාවේ මී උණ වැළදෙන්නේ මී මුත්‍රාවලින් වුවත් මී හරකාගෙන් සහ බල්ලාගෙන්ද බෝවිමට හැකියාව පවතින බවට අනාවරණය වී ඇති බවත් වෛද්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඒ අනුව ඔහු අවධාරණය කරන්නේ, පාදවල සුලු හෝ තුවාලයක් තිබේ නම් කුඹුරු ආශ්‍රිත ක්‍රියාකාරකම් නොකරන ලෙසත් මී මුත්‍රාවල බැක්ටිරියාවක් මගින් මෙය සීඝ්‍ර වශයෙන් බෝ වීමේ අවධානම ඇති බවත්ය.

එම නිසා උණ ඇඟපත වේදනාව හිස කැක්කුම ආදි රෝග ලක්ෂණ තිබේනම් වහාම සුදුසකම් ලත් වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ගැනීම වැදගත් බවයි ඔහු පේනවා දෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW