වාහනයේ එන්ජින් ඔයිල් ලෙවල් එක බලන්නේ මෙහෙමයි.

By Wayomi May 19, 2022 06:26 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

වාහනයක එන්ජිමක් කියන්නේ සංකීර්ණ මැෂින් එකක්. ඒක හරියට වාහනයේ හදවත වගේ. ඉතින් අද කතා කරන්නේ ඒ හදවතට පන දෙන්නේ එන්ජින් ඔයිල් ලෙවල් එක බලන්නේ සහ එන්ජින් ඔයිල් දාන්නේ කොහොමද කියලයි.

සාමාන්‍යයෙන් එන්ජින් ඔයිල් අඩුවෙන් වාහනය දිව්වොත් එන්ජිම අධිකව රත් වෙන්න බලනවා. ඒ විදිහට එන්ජින් ඔයිල් නැතුව පැයක් විතර දිව්වොත් අනිවාර්යෙන් එන්ජිම සීස් වෙනවා. එන්ජිම සීස් වෙනවා කියන්නේ සමහරවිට අලුත් එන්ජිමක් තියන්න උනත් සිද්ධ වෙන පුළුවන් තත්වයක්. එහෙම නැත්තන් ගෑස්කට් යන්න හෝ සිලින්ඩර් මිස්ෆයර් වීමක් වගේ වෙන්න පුළුවන්.

ඒ නිසා දුර ගමනක් යන්න කලින් එන්ජින් ඔයිල් චෙක් කරගන්න එක කාටත් හොඳයි. හැබැයි මේක අලුත් වාහන වලට අදාළ නොවෙන්න පුළුවන්. මොකද සර්විස් වලදී ඔයිල් මාරු කරන නිසා. ඒ වගේම අලුත් වාහන වල එන්ජින් කාර්යක්ෂමතාවය වැඩියි. එන්ජිමේ ආරක්ෂාවට දාල තියෙන උපක්‍රමත් වැඩියි. 

එන්ජින් ඔයිල් බලන විදිහ

- අනිවාර්යෙන්ම එන්ජිම off එකේ තියෙන්න ඕන. සාමාන්‍යෙන් එන්ජින් ඔයිල් බලන්න කලින් අඩුම ගානේ පැයක්වත් වාහනේ ස්ටාර්ට් නොකර තියන්න ඕන.

- ඒ වගේම වාහනය සමතල පොළවක තියෙන්න ඕන. නැත්නම් වාහනේ ස්ටාර්ට් නොකර තල්ලු කරගෙන සමතල පොලවකට ගෙන්න. මොකද එතකොට තමයි එන්ජින් ඔයිල් ලෙවල් එක හරියටම පෙන්නන්නේ. වාහනය කන්දක හරි පල්ලමක හරි තිබ්බොත් ඔයිල් වැඩියෙන් හෝ අඩුවෙන් පෙන්නන්න පුළුවන්.

- ඊට පස්සේ එන්ජින් ඔයිල් බලන කූර හොයා ගන්න. ඒකට කියන්නේ Dipstick (ඩිප්ස්ටික්) කියලයි. - ඩිප්ස්ටික් එක එලියට අරන් එක පාරක් පිහදාන්න. මොකද කලින් විසිරිච්ච ඔයිල් කුරේ ගෑවිලා තියෙන්න පුළුවන්.

- පිහදාල සුද්ද කරපු ඩිප්ස්ටික් එක එක පාරක් හෙමිට ඔයිල් බලන සිදුරට ඇතුල් කරලා. ඊට පස්සේ කුර එලියට අරගෙන බලන්න පුළුවන් එන්ජිමේ ඔයිල් ලෙවල් එක.

{මේ කූරේ නැත්තන් ඩිප්ස්ටික් එකේ තිත් දෙකක් හෝ කට්ට දෙකක් තියෙනවා. තිත් දෙකෙන් කියවෙන්නේ Min (අඩු) හා Max (වැඩි) ලෙවල්. }  


එන්ජින් ඔයිල් දාන විදිහ 

- මුලින්ම එන්ජින් ඔයිල් දාන්න ඕන තැන හොයා ගන්න. ඒකට කියන්නේ Engine Oil Reservoir (එන්ජින් ඔයිල් රෙසර්වොයර්) කියලයි.

- ඒ, එන්ජින් ඔයිල් රෙසර්වොයර් එකේ මුඩියේ එන්ජින් ඔයිල් ලාංචනය වගේම සමහර වෙලාවට දාන්න ඕන ඔයිල් එක ගැනත් ලියලා තියෙනවා.

- ඊළඟට ඔයිල් රෙසර්වොයර් එකේ මුඩිය ගලවන්න.

- ඊට පස්සේ දාන එන්ජින් ඔයිල් එක අරගෙන පරිස්සමින් එතනට වත් කරන්න.

- වත් කරලා ඉවරවෙලා විනාඩියක් විතර තියන්න ඕන.( දාපු අලුත් එන්ජින් ඔයිල් එන්ජිමට ගිහිල්ල ඇතුලේ සෙට්ල් වෙන්න ඕන නිසා)

- විනාඩියකින් විතර පස්සේ නැවතත් ඔයිල් ලෙවල් එක චෙක් කරන්න. 


GalleryGalleryGallery