විදුලි බිල අඩු කිරීම ගැන මහජන උපයෝගිතා කොමිසමෙන් විශේෂ නිවේදනයක්..
                                    
                    Sri Lanka
                
                                                
                    Ceylon Electricity Board
                
                                                
                    Sri Lanka Electricity Prices
                
                        
        
            
                
                By Sithumi
            
            
                
                
            
        
    ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ, විදුලි ගාස්තුව සියයට 20කින් පහළ දැමිය යුතු බවයි.
ජනක රත්නායක මහතා කියා සිටින්නේ, ලංකා විදුලිබල මණ්ඩලය 2023 වසර සඳහා ඉදිරිපත් කළ විදුලි ඉල්ලුම පිළිබඳ දත්ත සත්‍ය ඉල්ලුමට වඩා අධි තක්සේරුගත ඇස්තමේන්තුවක් බවට ඔවුන් මේ වනවිට පිළිගෙන ඇති බවය.
ඒ අනුව එම තක්සේරුව මුල්කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලය පෙබරවාරි මාසයේදී ක්‍රියාවට නැංවූ සියයට 66ක විදුලි ගාස්තුව වැරදි තීරණයක් බවට එමගින් තහවුරු වී ඇති බව ද ජනක රත්නායක මහතා වැඩිදුරටත් පවසයි.
එම නිවේදනය පහතින්..
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  | 
