මිනිසුන් ඉවත් කරයි - අලි - මිනිස් ගැටුමට නවතම පිළියමක්..!

Sri Lanka Elephant
By Sewvandhi Feb 23, 2023 01:57 AM GMT
Report

 වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින්, අලි මිනිස් ගැටුම් අවම කිරීමේ අරමුණින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

ඒ යටතේ, හඳුනාගත් අලිමංකඩ 16ක් යළි වන අලින් සඳහා විවෘත කිරීම සිදුකිරීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව අදාළ අලිමංකඩවල පදිංචිව සිටින ජනතාව ඉන් ඉවත් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බව සඳහන්ය.

වනජිවි කලාප මට්ටමින් මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද ආරම්භ කර තිබේ. මේ වසර තුළ දී අදාළ වැඩසටහන යටතේ අලිමංකඩ කිහිපයක් වන අලින් සඳහා යළි විවෘත කිරීමට අපේක්ෂා කරන බව ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර පසුගිය වසර තුළ දී පමණ අලි මිනිස් ගැටුම් හේතුවෙන් වනඅලි 439දෙනෙකු මියගොස් ඇති අතර වන අලි පහරදීමෙන් පුද්ගලයින් 142 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now