පුද්ගලයින් දෙදෙනෙකුට දිවි අහිමි කළ වන අලි පහරදීම්..
                                    
                    Sri Lanka
                
                                                
                    Elephant
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    මහවිලච්චිය පොලිස් වසමේ වැව් පිටියේදී වන අලියෙකු පහර දීමෙන් 68 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගිය පුද්ගලයා මහවිලච්චිය වැවේ මසුන් ඇල්ලීමට ගොස් නැවත නිවසට යමින් සිටියදී වන අලියාගේ ප්‍රහාරයට ලක්වූ බවයි පොලිසිය සඳහන් කරන්නේ
මීට අමතරව ඊයේ(13) රාත්‍රියේ තඹුත්තේගම – තෙල්හිරියාව ප්‍රදේශයේදී වන අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
දියණියගේ ඉඩමට පැමිණි වන අලියා එළවීමට උත්සහ කළ අවස්ථාවේදී ප්‍රහාරයට ගොඳුරු වූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.
54 හැවිරිදි මියගිය පුද්ගලයා තෙල්හිරියව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මරණ සම්බන්ධයෙන් මහවිලච්චිය පොලිසිය හා තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   |