කුණු කන වල් අලින්ගේ...සංවේදි වීඩීයෝව (VIDEO)

srilankan elephants Wild life
By Sithumi Mar 19, 2022 05:03 PM GMT
Report

අක්‍රමවත් කසල බැහැර කිරීම යනු වර්තමානයේ මෙරට බහුලවම මුහුණ දෙන බරපතල පාරිසරික ගැටලුවක්. මෙවැනි ක්‍රියාකරම්වලින් ලැබෙන අහිතකර ප්‍රතිඵල සියළුම ජීවීන්ට අත්විඳීමට සිදුවන අයුරු අප වාර්තා කළේ වරක් දෙවරක් නොවේ. 

 දාමයක් ලෙස එවැනි අහිතකර ප්‍රතිඵල ලැබෙන අක්‍රමවත් කසල බැහැර කිරීමක් පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණේ වැලිකන්ද ප්‍රදේශයෙන්. මාදුරුඔය සිට රිදීතැන්නට ජලය ගලායන ප්‍රධාන ඇළ මාර්ගය වන ඉසෙඩ් ඩී ඇළ මායිම් කරගනිමින් පිහිටි වැලිකන්දල මල්විල ගම්මානය මේ වන විට වන අලින්ගේ රජ දහනක් බවට පත්ව තිබෙනවා.

ඊට ප්‍රධානම හේතුව බවට පත්ව ඇත්තේ වැලිකන්ද ප්‍රාදේශීය සභාව මඟින් ඉසෙඩ් ඩී ඇළ අසළ ප්‍රදේශ වලට අක්‍රමවත් ලෙස කසළ බැහැර කිරීමයි. ලංකාපුර සහ ගල්ලෑල්ල යන ප්‍රදේශවල කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානද ඉදිකර ඇති පුසබිමක බලධාරීන් විසින් සිදුකරන මෙම ක්‍රියාව හරහා පීඩාවට පත්වන්නේ එම ප්‍රදේශයේ ජනතාවයි.

මල්විල ගම්මානය මේ වන විට නිරන්තරයෙන් ආහාරසොයා ගම්වදින වන අලින්ගේ ප්‍රහාරයට ලක්වන්නේ මෙම කසළ ගැටලුවේ තවත් ප්‍රතිඵලයක් ලෙසයි. මෙලෙස කසල ආහාරයට ගැනීමට දිවා සහ රාත්‍රී කාලයේ පැමිණෙන වන අලින් ඉසෙඩ් ඩී ඇළට වැටුණු අවස්ථාවන්ද ඕනෑ තරම්. 

 කසල සමඟ මිශ්‍ර වී ඇති පොලිතින් වැනි නොදිරන අපද්‍රව්‍ය ආහාරයට ගැනීම තුළින් වන අලින් ආහාර විවිධ ලෙඩරෝග වලට ලක්ව මිය යාමත්ල මෙම කසල ජලයට එක් වී ප්‍රදේශයේ ජල මූලාශ්‍ර අපිරිසිදු වීම පිළිබඳවත් බලධාරීන් අවධානය යොමු නොකිරීම විමතියට කරුණක්. අක්‍රමවත් කසළ බැහැරකිරීම සහ ඒ හේතුවෙන් වන අලින් ගම්වැදීම යන බාධක හමුවේ කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගනිමින් තම දිවි සරිකරගන්නා මෙම ග්‍රාමීය ජනතාවට ඇත්තේ කාගේ පිළිසරණක්ද ? 

 බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු මෙවැනි ගැටළු හමුවේ ගම්වැසියන් ගම හැරයනතුරු බලා සිටිනවාට වඩා අකටයුතුකම් සිදුකරන ඇතැම් බලධාරීන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රදේශය භාර නිලධාරීන්ගේ වගකීමක් මෙන්ම යුතුකමක්ද වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now