අද සවස් යාමයේ සහ රාත්‍රියේ විදුලිය කැපේ..සිදු කරන වේලාව මෙන්න....
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවි තෙල් ලබා නොදීම හේතුවෙන් අද (07) පස්වරුවේදීත් ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය පවසනවා.
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ අද පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 අතරතුර පැයක පමණ කාලයක් ප්‍රදේශ රැසකට මෙලෙස විදුලිය විසන්ධි කරන බවයි.
කැළණිතිස්ස බලාගාරයේ සහ කුකුළේ ගඟ ව්‍යාපෘතියේ ජනන යන්ත්‍ර ඊයේ (06) ආපදාවට ලක්වීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි කෙරුණා.
කෙසේ නමුත්, කුකුළේ ගඟ ව්‍යාපෘතියේ ජනන යන්ත්‍රය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති අතර, කැළණිතිස්ස බලාගාරයේ අක්‍රියවූ ජනන යන්ත්‍රය ද අද පස්වරුව වනවිට යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කෙරෙන බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.
එමෙන්ම, දැනට භාවිතයට නොගන්නා විදුලි ජනන යන්ත්‍ර යොදාගනිමින් විදුලිය අඛන්ඩව ලබාදීමට දැවිතෙල් සහ ඩීසල් ප්‍රමාණවත්ව නොමැතිවීම ද ගැටලුවක් වී ඇති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |