විදුලි බිල්පත වෙනස් වෙයි - ඒ සදහා නව ක්‍රමවේදයන් 03ක්..
විදුලි බිල්පත් මුද්‍රණය කිරීම සඳහා නව ක්‍රමවේදයන් තුනක් හඳුන්වා දෙන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.
ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස මුද්‍රණ කඩදාසි නොමැතිවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.
ලංවිම විසින් හඳුන්වා දීමට නියමිත නව ක්‍රම 03 පහත පරිදි වේ,
01. තාප කඩදාසි භාවිතයෙන් මුද්‍රිත බිල්පත් නිකුත් කිරීම (thermal printed bills).
කිසියම් ආකාරයක භෞතික බිල්පතක් බලාපොරොත්තු වන පාරිභෝගිකයින් ඇත්නම්, ඔවුන් වෙත මාසික මනු කියවීමේදී මෙම බිල්පතක් නිකුත් කරනු ලැබේ.
02.කෙටි පණිවිඩ මඟින් (SMS)
මාසික මනු කියවීමෙන් පසු ලංවිම සමඟ ලියාපදිංචි කර ඇති දුරකථන අංකයට කෙටි පණිවිඩයක් (SMS) මඟින් මාසික විදුලි බිල්පත එවීමට කටයුතු කරනු ලැබේ. මේ සඳහා ලියාපදිංචි වීමට මනු කියවීම සඳහා ඔබ පරිශ්‍රය වෙත පැමිණෙන ලංවිම නියෝජිතයාගේ සහයෝගය ලබාගත හැකිය. නැතහොත්, “REG<හිස්තැනක්>අංක දහයකින් යුක්ත විදුලි ගිණුම් අංකය” යොදා 1987 වෙත කෙටි පණිවිඩයක් යොමු කිරීම මගින් ඔබටම ලියාපදිංචි විය හැකිය.
03.CEBCare ජංගම දුරකථන යෙදුම.
CEBCare සුහුරු ජංගම දුරකථන වැඩසටහන භාවිතයෙන් ද මාසික මනු කියවීමෙන් පසුව බිල්පත ලබා ගැනීමේ පහසුකම සපයා ඇත. වඩාත් කාර්යක්ෂම වූ පාරිභෝගික සේවාවක් සැපයීම මෙන්ම ආයතනික කටයුතු පරිගණකගත කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක “CEB Assist” වැඩපිළිවෙලෙහි තවත් එක් පියවරක් ලෙස මෙම බිල්පත් නිකුත් කිරීමේ නව ක්‍රමවේද ත්‍රිත්වය හඳුන්වා දෙන ලද අතර, බිල්පත් යොමු කිරීමේ සිව්වන ක්‍රමවේදය ලෙස විද්‍යුත් තැපැල් මඟින් ඊ-බිල්පත් නිකුත් කිරීම ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සැකසුම් කටයුතු මේ වන විට සිදු කරමින් පවතී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |