ලංකාවට විදුලි දුම්රියක්..මුලින්ම ආරම්භ කරන ප්‍රදේශය මෙන්න.

Bandula Gunawardane Sri Lanka
By Aruna Apr 13, 2023 07:22 AM GMT
Report

නානුඔය සිට නුවරඑළිය හරහා උඩුපුස්සැල්ලාව දක්වා පැරණි දුම්රිය මාර්ගය විදුලි දුම්රියක් ධාවනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණය කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, නුවරඑළිය ඇතුළු මධ්‍යම සංචාරක කලාපයේ ගමනාන්ත වෙත වැඩි සංචාරකයින් පිරිසක් ආකර්ෂණය කර ගැනීම සඳහා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරන බවටයි.

නුවරඑළිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ කිලෝමීටර් 31ක් දිගින් යුත් මෙම දුම්රිය මාර්ගය ක්‍රියාත්මක කිරීම සහ පැවරීම යන ක්‍රමවේදය (BOT) යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත බවයි.

මෙම දුම්රිය මාර්ගය ලොව හයවන උසම දුම්රිය ස්ථානය වන කඳපොල දුම්රිය ස්ථානය ඇතුළු දුම්රිය ස්ථාන ගණනාවකින් සමන්විත බව පෙන්වා දුන් අමාත්‍යවරයා සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා විශාල පහසුකම් ඇති ඇති බව ද පෙන්වා දී ඇත.

මෙම පටු දුම්රිය මාර්ගය බ්‍රිතාන්‍ය යුගයේදී ඉදිකරන ලද නමුත් වාණිජමය ශක්‍යතාවක් නොමැතිකම හේතුවෙන් පසුව බ්‍රිතාන්‍ය පාලකයින් විසින් එය කඩා ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව දුම්රිය ස්ථාන කිහිපයක් ආවරණය වන පරිදි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now