විදුලි බිල 50%ක් අඩු කිරීමක් ගැන දැනුම්දීමක්..
Sri Lanka
Ceylon Electricity Board
Kanchana Wijesekera
By Aruna
තට්ටු නිවාසවල සිටින පුද්ගලයින් විදුලි ඒකකයකට ගෙවන්නේ ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින් ඒකකයකට ගෙවන මුදලට වඩා සියයට 50 ක් අඩුවෙන් බව පාර්ලිමේන්තුවේදී ඊයේ අනාවරණ වුණා.
එම අනාවරණය සිදුකළේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතායි.
ඔහු සඳහන් කළේ, මහජන උපයෝගිතා කොමිසම විසින් මෙම අය ක්‍රමය සකස් කර ඇති බවයි.
තට්ටු නිවාසවල සිටින පුද්ගලයින් හා ගෘහස්ථ පාරිභෝගිකයින් විදුලි ඒකකයකට ගෙවන මිල පිළිබඳව අමාත්‍යවරයා මෙලෙස අනාවරණය කළා.
තට්ටු නිවාසවල සිටින පුද්ගලයින් ද ගෘහස්ථ කාණ්ඩයට ඇතුලත් කළහොත් ගෘහස්ථ පාරිභෝගිකයින්ට මීට වඩා සහනයක් ලබාදිය හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් ලබන සතියේ තීරණයක් ගතහැකිවනු ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |