වැඩි කළ විදුලි බිලට සහනයක්-ඇමතිගෙන් දැනුම් දීමක්..

Parliament of Sri Lanka A D Susil Premajayantha Ceylon Electricity Board
By Aruna Aug 12, 2022 07:33 AM GMT
Report

ඉහළ දැමූ විදුලි බිල ගෙවීමේදී සහන ලැබිය යුතු කණ්ඩායම් වෙත සහන ලබාදීමට මේ වන විට රජයේ අවධානය යොමුවී ඇතැයි සභානායක සහ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ සඳහා මෙම මස 29 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයක් ලබාදී ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඉන් පසු අඩු ආදායම් ලාභීන්ට යම් සහනයක් ලබාදීමට අවශ්‍ය පියවර ගතහැකි වනු ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

ඒ අනුව පසුගියදා ඒකක 30 ක් සඳහා අය කෙරෙන විදුලි ගාස්තුව රුපියල් 198 ක් දක්වා සියයට 264 ක අගයකින් වැඩි කළා.

ඒකක 31 ත් 60 ත් අතර විදුලි බිල්පත් සඳහා අයකෙරෙන මුදල රුපියල් 599 ක් දක්වා වැඩිවන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 211 ක්.

ඒකක 61 සිට 90 දක්වා විදුලි බිල්පත් සඳහා අයකෙරෙන මුදල රුපියල් 1,461 ක් දක්වා වැඩිවනවා. එය ප්‍රතිශතයක් ලෙස සියයට 125 ක වැඩිවීමක්.

ඒකක 91 සිට 120 දක්වා වන විදුලි බිල්පත් රුපියල් 2,976 ක් දක්වා සියයට 89 කින් වැඩිවන බවයි මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ.

ඒකක 121 සිට 180 දක්වා මාසික විදුලි බිල්පත් රුපියල් 5,005 ක් දක්වා වැඩිවන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 79 ක්.

මේ අතර මෙම ගාස්තු සංශෝධනයත් සමඟ ලබන ජනවාරි මාසය දක්වා විදුලි කප්පාදුව පැයක පමණ අවම කාලයකින් පවත්වාගෙන යාමට හැකිවනු ඇති බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now