විදුලි බිල සම්බන්ධයෙන් ඉදිරි සති දෙකේ කරන්න යන දේ මෙන්න..
Sri Lanka
Ceylon Electricity Board
By Aruna
විදුලි ගාස්තු ඉහළ නැංවීම ඉදිරි සති දෙක ඇතුළත ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධව මහජන අදහස් ලබා ගැනීමට වෙන්කර තිබූ කාලය ඊයේ (28 දා) අවසන් වුණා.
ඒ අනුව මහජන නියෝජිතයන් පනස් දෙනකුගෙන් වාචික අදහස් හා යෝජනා ලබා ගැනීම ඊයේ (28 දා) සිදුකළ බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේය.
ඒ අනුව විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධව මෙන්ම ඒ ඒ විදුලි කාණ්ඩ සඳහා අය කරන ගාස්තු සංශෝධනය සම්බන්ධව අවසන් තීරණය කොමිසම විසින් තීරණය කෙරේ.
එම කොමිසම ගනු ලබන තීරණය ඉදිරි සති දෙක ඇතුළත නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව එම කොමිසමේ උසස් නිලධාරියෙක් ප්‍රධාන පුවත්පතකට පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |