මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්..!

Election Commission of Sri Lanka Sri Lanka Sri Lankan political crisis
By Sewvandhi Jan 04, 2023 02:28 PM GMT
Report

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ, මැතිවරණය පැවැත්වීම සඳහා සියලු කටයුතු නිසි අයුරින් සිදුකරමින් පවතින බවයි. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා,

අපි නාමය යෝජනා භාරගැනීමෙන් පසුව සති 5ක් සහ සති 7ක් කියන කාලයක් තුළ තමයි මැතිවරණය පවත්වන්න සිද්ධවෙන්නේ.

කඩදාසි හිඟය බැලට් පේපර් මුද්‍රණයට ගැටලුවක් වෙයි ද ? 

 මැතිවරණ කටයුතු සඳහා අපි සියලුම මුද්‍රණ කටයුතු සිදුකරනු ලබන්නේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවත් සමඟ. ඒ අනුව එහි මුද්‍රණාලයාධිපතිතුමිය සහ අනෙකුත් කාර්ය මණ්ඩලය එහෙම ගැටලුවක් තියෙනවා කියලා නෑ. අවශ්‍ය කටයුතු සියල්ල නිසි ආකාරයෙන් සිද්ධවෙනවා. අපි මේ මැතිවරණය තියන්න තිබ්බේ ගිය අවුරුද්දේ ඒ හින්දා අපි ගිය අවුරුද්දේ සිටම මේ සඳහා සූදානම් වෙලා තිබුණා.

මූල්‍ය අර්බුදය කොයි ආකාරයෙන්ද කළමනාකරණය කරගන්නේ ?

මැතිවරණ කොමිසම විදියට අපිට තියෙන කාර්යභාරය තමයි ව්‍යවස්ථාපිතව පැවරිලා තියෙන ඒ කාර්යභාරය ඉටුකිරීම. ඊට අවශ්‍ය කරන මූල්‍යමය පහසුකම් සැපයීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බැඳිලා තියෙනවා පවත්නා රජයේ වගකීමක් විදියට.

ඒ අනුව මහා භාණ්ඩාගාරය සහ ඒ අදාළ ආයතන ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරනු ඇති බවට අපිට විශ්වාසයක් තියෙනවා. පළාත් පාලන ආයතන 340 කට අදාළ ඡන්ද විමසීමේ නාමයෝජනා ලබන 18 වනදා සිට 21 වනදා දක්වා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව අද තීරණය කළේය.

ඒ අනුව ලබන 21 වනදා දහවල් 12 න් නාමයෝජනා භාරගැනීමේ කාලය අවසන් වෙයි. මෙහිදී මහ නගර සභා 24 ක් නගර සභා 41 ක් හා ප්‍රාදේශීය සභා 275 ක් ඇතුළත් පළාත් පාලන ආයතන 340 ක් සඳහා මෙලෙස නාමයෝජනා කැඳවා තිබේ. මෙම පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයින් 9,347 දෙනෙකු නාමයෝජනා භාරදීමට නියමිතය.

කෙසේ වෙතත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල කාලය වසර 5 සම්පූර්ණ නොවීම හේතුවෙන් එහි නාමයෝජනා කැඳවීම සිදු නොවේ. ඡන්ද විමසීමට අදාළ ඇප මුදල් භාර ගැනීම අද දිනයේදිම ආරම්භ වු අතර 20 වැනිදා දහවල් 12 ට එහි කාලය අවසන් වෙයි.

ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් ඉදිරිපත් කරනු ලබන එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් රුපියල් 1,500 ක ඇප මුදලක් ද ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකු වෙනුවෙන් රුපියල් 5,000 ක් බැගින් ද ඇප මුදල් තැන්පත් කළ යුතුවෙයි. 

 එමෙන්ම පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීම හෙට සිට ආරම්භ කෙරෙයි. ජනවාරි 23 වනදා මධ්‍යම රාත්‍රි 12 න් තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීමේ කාලය අවසන් වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now