මහ මැතිවරණයක් පැවැත්විය හැකි කාලය දැනුම් දෙයි...

Election Commission of Sri Lanka Sri Lanka Sri Lankan political crisis
By Aruna Aug 18, 2022 07:32 AM GMT
Report

පවතින නීතියමය තත්ත්වය අනුව මහ මැතිවරණය පැවැත්විය හැක්කේ ලබන වසරේ පෙබරවාරි මාසයෙන් පසුව බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා මේ අදහස් පලකළේ, ඇතැම් පිරිස් මහ මැතිවරණයක් පවත්වන ලෙස කරන ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින්.

එමෙන්ම, පනත් දෙකක් නිසා පළාත් සභා මැතිවරණය වසර ගණනක් ප්‍රමාද වී ඇති බව ද සභාපතිවරයා පෙන්වාදුන්නා.

එහෙත් ඔහු පැවසුවේ, පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා යෝජනාවක් මඟින් පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බවයි.

කෙසේවෙතත්, කිසියම් මැතිවරණයක් ප්‍රකාශයට පත් කළහොත් ඊට මැතිවරණ කොමිෂන් සභාව සුදානම් බව ද නිමල් පුංචිහේවා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now