දෙවන වරටත් පළාත් පාලන මැතිවරණය කල් යයි.

Election Commission of Sri Lanka Sri Lanka Election
By krishani Apr 11, 2023 08:54 AM GMT
Report

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම දෙවන වරටත් කල් දැමෙන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ ය.

ඒ අනුව අප්‍රේල් 25 පැවැත්වීමට තිබූ පළාත් පාලන ආයතන ඡන්දය නැවත කල්ගොස් ඇත.

මේ වන විට අධිකරණයේ විභාගය වන නඩුවේ තීන්දුව මත හෝ මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමේ නිශ්චිත දිනයක් තහවුරු වීමෙන් අනතුරුව මැතිවරණය පවත්වන දිනයක් තීරණය කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join