ඡන්දය පවත්වන දිනය ගැන අලුත්ම තීරණයක්..!
Election Commission of Sri Lanka
Sri Lanka
Election
By Sewvandhi
මැතිවරණ කොමිසම සදහන් කලේ, ඡන්දය ප්‍රකාශ කරන දිනය මාර්තු 03 වනදා ප්‍රකාශයට පත්කරන බවයි.
අද (24) පෙරවරුවේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු 9 වනදා පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව එලෙස රැස්වී තිබුණි.
ඒ අනුව මෙම තීරණය ගෙන ඇත. මෙම සාකච්ඡාව සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා එහි සාමාජිකයින් වන එස්.බී. දිවාරත්න, එම්. එම්. මොහොමඩ් සහ කේ. පී. පී. පතිරණ යන මහත්වරුන් එක්වී සිටි බවද වාර්තා විය
ඒ අනුව මැතිවරණ කොමිසම වැඩිදුරටත් තීරණය කර ඇත්තේ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැඟී ඇති කරුණු හේතුවෙන් මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයනත ඡන්ද විමසීම එදිනට නොපැවැත්වෙන බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |