ඡන්ද දායකයින්ට මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්..!
Election Commission of Sri Lanka
Sri Lanka
By Sewvandhi
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ , පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරදීමේ කාලසීමාව කිසිසේත්ම දීර්ඝ නොකරන බවයි.
එම කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ තැපැල් ඡන්ද අපේක්‍ෂා කරන රජයේ නිලධාරින් ලබන 23 වැනිදාට පෙර අනිවාර්යයෙන්ම තැපැල් ඡන්ද අයදුම්පත් භාරදීම සිදු කළ යුතු බවයි.
එමෙන්ම පළාත් පාලන ආයතන 340ක් සඳහා නාමයෝජනා කැඳවමින් මැතිවරණ කොමිසම පසුගිය 04 වැනිදා අදාළ දැන්වීම ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව ලබන 18 වැනිදා සිට ලබන 21 වැනිදා දක්වා පළාත් පාලන ආයතන මැතිවරණ සඳහා නාමයෝජනා පත්‍ර භාරගැනීම සිදු කිරීමට නියමිතයි.
ඊට අදාළව මැතිවරණයට ඇප තැන්පත් කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ වී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |