ඡන්දය සම්බන්ධයෙන් හෙට සිදු කරන විශේෂ දේ..
හෙට (23) දිනයේ, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු මාර්තු මස 28 වන දින සිට 31 වන දින දක්වා සිදු කිරීමට නියමිත අතර මැතිවරණය අප්‍රේල් 25 වන දින පැවැත්වීමට දින නියම කර ගෙන තිබෙනවා.
නමුත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ නියමිත දිනට මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇති බවය.
කෙසේවෙතත් තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනට ලබාදීමට නොහැකි බව රජයේ මුද්‍රණාලය විසින් දැනුම් දී ඇති බැවින් අදාළ දිනයන්වල මැතිවරණය පැවැත්වීම ගැටලු සහගතවී ඇති බව එතුමා සඳහන් කළේය.
ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් හෙට දිනයේ අවසන් එකගතාවයකට පැමිණීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පැවසීය.
මේ අතර තවත් මාස තුනක් ඇතුළත හෝ පළාත් පාලන මැතිවරණය පවත්වනු ඇති බවට තමා විශ්වාසය පළ කරන බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයෙකු වූ මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |