මැතිවරණ කොමිසමට ජාතික ජන බලවේගයෙන් විශේෂ ලිපියක්

Election Commission of Sri Lanka Sri Lanka Local government Election
By Sithumi Mar 05, 2023 01:24 PM GMT
Report

ජාතික ජන බලවේගය පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා හැකි ඉක්මනින් දිනයක් නියම කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් අදාළ ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු මස 09 වන දින පවත්වන බවට දැනුම් දී තිබුණ ද මැතිවරණ සම්බන්ධ කාර්යයන් සිදුකිරීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන නොමැති වීමේ ප්‍රතිඵලයක් වශයෙන් අදාළ දිනට මැතිවරණය නොපවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පසුව දැනුම් දෙනු ලැබීය.

එහෙත් 2023 වර්ෂය සඳහා සම්මත කරනු ලැබු අයවැයෙන් පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා වෙන්කරනු ලැබු මුදල් රඳවා තබාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට නියෝග කර ඇති බව අදාළ ලිපියේ සඳහන් වේ.

එම නියෝගයට අනුව ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ වැදගත්කම මත එය මුලික මිනිස් අයිතිවාසිකමක් සේ සළකා ක්‍රියාකර ඇති බව ජාතික ජන බලවේගය පවසයි.

එම නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයට අනුව පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කටයුතු සම්පාදනය කිරීම හැකි ඉක්මනින් සිදුකරන ලෙස ජාතික ජන බලවේගය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.

එම ලිපිය පහතින්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now

 

GalleryGallery