මැතිවරණ කොමිසමෙන් විශේෂ පණිවිඩයක්..!

Election Commission of Sri Lanka Sri Lanka
By Sewvandhi Feb 16, 2023 06:15 AM GMT
Report

මැතිවරණ කොමිසම සදහන් කරන්නේ, මීට පෙර කිසිදු අවස්ථාවක ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මුදල් ලබාදෙන ලෙසට රජයේ මුද්‍රණාලය විසින් ඉල්ලීමක් සිදුකර නොමැති බවයි.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රජයේ මුද්‍රණ කටයුතු සිදුකිරීමට ඔවුන් බැඳී සිටින බවයි.

මැතිවරණය යනු රජයේ ක්‍රියාවලියක් බැවින් ඊට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් සිදුකිරීම අනිවාර්ය කරුණක් බවයි මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ එබැවින් මෙවර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා මුදල් ඉල්ලා සිටීම අනුමත ක්‍රියාවක් නොවන බව එම කොමිසම සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now